Yarra Valley Water

Menu

Close menu

Sinhalese සිංහල

WaterCare

ජීවිතය සෑම විටම සැලැස්මට අනුව යන්නේ නැත. ඔබට ඔබේ බිල්පත් පිළිබඳ පාලනයක් තබා ගැනීමේ ගැටලුවක් තිබේ නම්, ඔබට සුදුසු විසඳුමක් සොයා ගැනීමට අපට උදවු කළ හැක.

ඔබට ඔබේ බිල්පත් කළමනාකරණය කිරීමට උදවු කිරීමට නම්‍යශීලී ගෙවීම් වැඩපිළිවෙළක සිට බිල්පත් කාලය දීර්ඝ කිරීම සහ සහන වට්ටම් දක්වා අප සතුව විකල්ප රාශියක් ඇත.

ඔබේ ජල සහ මලාපවහන බිල්පත් පාලනය නැවත ලබා ගැනීමට උදවු කිරීමට, ගෙවිය යුතු ආකාරය, ඉතිරි කරන්නේ කෙසේද යන්න සහ ඒවාට ලබා ගත හැකි සහාය සඳහා ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවලින් ඇති අපගේ සම්පත් භාවිත කරන්න.

ඔබ අපට දුරකථනයෙන් කතා කිරීමට කැමති නම්, අපට භාෂා හතරකින් කතා කළ හැකි අභ්‍යන්තර උපදේශකයින් සිටින අතර නොමිලේ පරිවර්තක සේවාවට ප්‍රවේශය ඇත.

1300 304 688 ඔස්සේ අප අමතන්න, නැතහොත් අපගේ ඇමතුම් ආපසු ඉල්ලීම් පෝරමය පුරවන්න.

නැවත ඇමතීමක් ඉල්ලීමේ පෝරමය

නම්‍යශීලී ගෙවීම් විකල්ප

WaterCare ඔබගේ තත්ත්වයට ගැලපෙන පරිදි ගෙවීම් සහාය සහ නම්‍යශීලීභාවය ලබා දෙයි. ඔබගේ බිල්පත් ගෙවීමට ඔබට උපකාර කිරීමට අපට ක්‍රම කිහිපයක් තිබේ.
තවත් විකල්ප සඳහා1300 304 688 ඔස්සේ අමතා අපට උදව් කළ හැකි ආකාර පිළිබද දැන ගන්න.


ගෙවීම් සැලැස්මක් සකසන්න

කුඩා, නිතර සිදුවන ගෙවීම් කළමනාකරණය කිරීමට පහසු බව ඔබට පෙනෙනවාද? SmoothPay යනු ඔබේ බිල්පත කුඩා කොටස්වලින්, වැඩි වාර ගණනකදී ගෙවීමේ ක්‍රමයකි.

SmoothPay සඳහා අයදුම් කරන්න නැතහොත් ඔබට ගැළපෙන ගෙවීම් සැලැස්මක් සඳහා උදවු ලබා ගැනීමට 1300 304 688 ඔස්සේ අපගේ කණ්ඩායම අමතන්න.


ගෙවීම් දිගුවක් සඳහා අයදුම් කරන්න

ඔබේ බිල්පත් පාලනය කර ගැනීමට ඔබට තව ටිකක් කාලයක් අවශ්‍ය නම්, ඔබට දින 30ක් දක්වා ගෙවීම් දිගුවක් සඳහා ඉල්ලුම් කළ හැක.

ඔබට තාවකාලික සහනයක් අවශ්‍ය නම් අපි මෙම විකල්පය නිර්දේශ කරමු.

සහන

සුදුසුකම් ලබන්නේ කවුද?

Yarra Valley Water පහත කාඩ්පත් හිමියන් සඳහා සහන වට්ටම් සපයයි.

Pensioner Concession Card
Centrelink Pensioner Concession Card
Pensioner Concession Card (2nd version)
Centrelink Pensioner Concession Card (2nd version)
Centrelink Healthcare Card
Centrelink Health Care Card
Department of Veteran Affair Health Card
Department of Veteran Affairs Pension Card
Department of Veteran Affair Health Card (2nd Version)
Department of Veteran Affairs Health Card (2nd Version)

ඔබට මෙම කාඩ්පත්වලින් එකක් තිබේ නම්, ඔබ ඔබේ සහනය අප සමඟ ලියාපදිංචි කිරීම අවශ්‍ය වනු ඇත.

ඔබට එක් නිවසකට බහු සහන ලියාපදිංචි කළ හැකි නමුත් වට්ටම් එක් වරක් පමණක් යොදනු ලැබේ.


සහනය කොපමණද?

2023-24 සඳහා වාර්ෂිකව $354.10 දක්වා උපරිමයකට යටත්ව ජල සහ මලාපවහන ගාස්තු 50%කින් අඩු කිරීම.

ඔබට ජලය පමණක් වැනි තනි සේවාවක් සඳහා පමණක් බිල්කරනු ලැබෙන්නේ නම්, ඔබට $177.05 දක්වා වූ උපරිමයකට යටත්ව ජල ගාස්තුවලින් 50% ක වට්ටමක් ලැබෙනු ඇත.

අපි ඔබේ කාඩ්පතේ ආරම්භක දිනයේ සිට හෝ ඔබේ කාඩ්පත මාස 12කට වඩා පැරණි නම් මාස 12ක් දක්වා පසුගිය බිල්පත් සඳහා ඔබේ සහනය පසුදාතම් කර, මෙම මුදල ඔබේ ගිණුමට බැර කරන්නෙමු.


මම ලියාපදිංචි වන්නේ කෙසේද?

ඔබට yvw.com.au/concessions වෙත පිවිස මාර්ගගතව ඔබේ සහනය ලියාපදිංචි කළ හැකිය, නැතහොත් 1300 441 248 ඔස්සේ අප අමතන්න.

ඔබට සහන කාඩ්පතක් නොමැති නමුත්, ඔබ සුදුසු ලැබන්නේ යැයි සිතන්නේ නම්, කරුණාකර 13 10 21 ඔස්සේ Centrelink හෝ 03 9284 6000 ඔස්සේ Department of Veteran's Affairs අමතන්න.


මම ලියාපදිංචි වූ පසු කුමක් සිදුවේද?

ඔබ ඔබේ සහන විස්තර ලියාපදිංචි කළ පසු, ඔබේ කාඩ්පත තවදුරටත් වලංගු නොවන තෙක් අපි ඔබේ ඊළඟ බිල්පතෙන් සහන මුදල අඩු කරන්නෙමු.

උපයෝගිතා සහන දීමනාව

ඔබ අඩු අදායම් ලබන නිවාස ඒකකයක කොටසක් නම් සහ ඔබට අතිරේක මූල්‍ය සහයෝගයක් අවශ්‍ය වන්නේ නම්, ඔබට ප්‍රාන්ත රජයේ උපයෝගීතා සහන ප්‍රතිපාදන ඔස්සේ ඔබේ යාරා වැලී ජල බිල්පතෙන් $650* දක්වා වට්ටමක් ලබා ගැනීමට ඔබට සුදුසුකම් තිබිය හැක.


අයදුම් කරන්නේ කෙසේද

රහසිගත කතාබහක් සඳහා සහ අයදුම් පත්‍රයක් ඉල්ලීමට 1800 994 789 ඔස්සේ අප හා සම්බන්ධ වන්න නැතහොත් yvw.com.au/urgs වෙත පිවිසෙන්න

*කොන්දේසි අදාළ වේ. 

ගෘහස්ථ සහ පවුල් ප්‍රචණ්ඩත්වය නිසා පීඩාවට පත් පාරිභෝගිකයන් සඳහා සහාය

පවුල් ප්‍රචණ්ඩත්වය ඕනෑම කෙනෙකුට ඕනෑම වේලාවක සිදුවිය හැකි බව අපි තේරුම් ගනිමු.

අපගේ කැපවූ WaterCare උපකාරක කණ්ඩායම පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳින පුද්ගලයින්ට උපකාර කිරීමට පුහුණු කර ඇත. ඔබට ඔබගේ තත්ත්වය පැහැදිලි කිරීමට සිදු වන්නේ එක් වරක් පමණක් වන අතර අමතර සාක්ෂි අවශ්‍ය නොවේ.

අපි ඔබට අවබෝධයෙන් සහ ගෞරවයෙන් සලකන්නෙමු, මෙම දුෂ්කර තත්ත්වයේදී අපට ඔබට සහාය විය හැකි ආකාරය පැහැදිලි කරන්න, සහ ඔබේ විකල්ප සලකා බැලීමට ඔබට අවශ්‍ය තරම් කාලයක් ලබා දෙන්නෙමු.


සම්බන්ධ වීම

හවුල්කරුවෙකු හෝ පවුලේ සාමාජිකයෙකු ඔබට නොගෙවූ ජල සහ මලාපවහන බිල්පත් ලබා දී ඇත්නම්, හෝ ඔබට ඔබේ ගිණුමේ අමතර රහස්‍යතා ක්‍රියාමාර්ග අවශ්‍ය නම්, කරුණාකර 1800 637 316  ඔස්සේ අපගේ පළපුරුදු WaterCare උපකාරක කණ්ඩායම සඳුදා - සිකුරාදා දක්වා පෙ.ව. 8:00 සහ සවස 5:00 අතර අමතන්න.

ඔබ පවුල් ප්‍රචණ්ඩත්වය අත්විඳින විට උපකාර පැතීම අභියෝගාත්මක විය හැකි බව අපි දනිමු. අප ඔබව සම්බන්ධ කර ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර පහතින් නැවත ඇමතුම් ඉල්ලීමක් ඉදිරිපත් කරන්න, අපගේ පුහුණු සහ ගෞරවනීය උපදේශකයෙකු ඔබට ඇමතුමක් ලබා දෙනු ඇත.

ගෙවීමේ ක්‍රම

Direct Debit - Direct Debit (සෘජු හර) මඟින් ඔබේ බිල්පත් නියමිත දිනට ස්වයංක්‍රීයව ගෙවනු ලැබේ.
විකල්පයක් ලෙස, ඔබට ඔබගේ බැංකු ගිණුමෙන්, ණය සමිති ගිණුමෙන් හෝ VISA හෝ Mastercard වෙතින් ස්වයංක්‍රීය ගෙවීම් සැකසිය හැක.


Electronic Funds Transfer (EFT) (ඉලෙක්ට්‍රොනික අරමුදල් මාරු කිරීම) - ඔබේ බැංකු ගිණුමෙන් සෘජුවම මුදල් මාරු කිරීමෙන් ඔබේ ජල බිල්පත ගෙවීමට EFT ඔබට ඉඩ සලසයි.


BPAY - බිල්පත් කේතය සහ යොමු අංකය සොයා ගැනීමට ඔබේ බිල්පතේ BPAY ලාංඡනය යටතේ බලන්න. එවිට ඔබට ඔබේ බැංකුව ඇමතීමට හෝ ඔබේ අන්තර්ජාල බැංකුකරණයට පිවිසීමට අවශ්‍ය වනු ඇත, BPAY හෝ බිල්පත් ගෙවීමේ විකල්පය තෝරා උපදෙස් අනුගමනය කරන්න.


Credit card (ණය කාඩ්පපත්) - ඔබට ක්‍රෙඩිට් කාඩ් මගින් මර්ගගතවහෝ දුරකථනයෙන් ගෙවිය හැක.
සතියේ දින 7 පුරාම දවසේ පැය 24 පුරාම VISA හෝ Mastercard මගින් ගෙවීමට 1300 362 332 අමතන්න. AMEX සහ Diners Club පිළිගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.


AusPost Billpay - මුදල්, චෙක්පත හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ඕනෑම ඕස්ට්‍රේලියානු තැපැල් කාර්යාලයකින් පුද්ගලිකව ගෙවන්න.
ඔබේ ගෙවීම සැකසීමට ඔවුන්ට තීරු කේතය අවශ්‍ය වන බැවින්, ඔබේ බිල්පතේ පිටපතක් ගැනීමට මතක තබා ගන්න.


Centrepay - Centrelink පාරිභෝගිකයින්ට ඔවුන්ගේ Centrelink ගෙවීම් වලින් නිතිපතා අඩු කිරීම් පිහිටුවිය හැක. ගෙවීම් සහ අයවැයකරණය වඩාත් පහසු කිරීම සඳහා ඔබට මෙය SmoothPay වැඩපිළිවෙලක් මඟින් ඒකාබද්ධ කිරීමට තෝරා ගත හැකිය.

Centrepay පිහිටුවීමට, ඔබ Centrelink  අමතා ඔවුන්ට Yarra Valley Water පාරිභෝගික යොමු අංකය: 555 054 118T ලබා දීම අවශ්‍ය වනු ඇත.

බාගැනීමට ඇති ගොනු